2024-11-19 15:05:44
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 45 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී. බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 නොවැම්බර් මස 18 දින සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2024-11-19 15:05:44
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සඳහා එක්වූ තරුණ නිලධාරීන් හත් දෙනෙකු වෙනුවෙන් පෙරියකඩ්ඩු, යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස 18 දින සිට නොවැම්බර් මස 12 දින දක්වා පවත්වනු ලැබූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි තරුණ නිලධාරීන්ගේ පාඨමාලා අංක - 13 විසිර යාමේ උත්සවය පසුගියදා පැවැත්වූහ.
2024-11-19 15:05:42
මහනුවර, කුළුගම්මන ප්‍රේමරත්න මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 2024 නොවැම්බර් මස 18 දින පැවති එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගී විය.
2024-11-19 12:08:29
උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේදනායගන් මහතා සහ උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන් මහතාගේ ආරාධනයකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් 2024 නොවැම්බර් මස 18 දින උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේදී “Defining Success for Yourself and Your Team to Embracing Self - Belief and Confidence” තේමාව ඔස්සේ නායකත්වය හා අභිප්‍රේරණය පිළිබඳ දේශනයක් පැවැත්වීය.
2024-11-17 17:50:00
පලාලි යුද්ධ හමුදා මුලික රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරි වාට්ටු සංකීර්ණය ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් 2024 නොවැම්බර් මස 16 දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
2024-11-17 17:37:00
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 නොවැම්බර් මස 16 දින 59 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 5 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 6 බලඇණිය ගැමුණු හේවා බලකාය, 6 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, 12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව යන ඒකකන්හි නිල සංචාරයක නිරත විය.
2024-11-16 20:00:22
ගම්පොල, ශ්‍රී චකින්දාරාම පුරාණ මහා විහාරස්ථානයේදී 2024 නොවැම්බර් මස 10 දින අභිනවයෙන් ඉදිකරනු ලැබූ බුදු මැදුර සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීමේ උත්සව අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගී විය.
2024-11-16 19:25:56
පුනරීන් තීරණාත්මක සටනේ 31 වන සංවත්සරය 2024 නොවැම්බර් මස 11 දින සමරනු ලැබූ අතර, ඒ වෙනුවෙන් එම සටනේදී දිවිපිදූ, අතුරුදහන් වූ සහ රණක්ෂිතයට පත් රණවිරුවන් සිහිපත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරනු ලැබීය.
2024-11-16 19:22:00
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් වියලි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 13 දින දියතලාව, ගෝල්ෆ් ක්‍රීඩා සංචිතයේදී පවත්වනු ලැබීය.
2024-11-16 19:14:01
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී 2024 අගෝස්තු මස 01 දින සිට 2024 නොවැම්බර් මස 14 දින දක්වා නිලධාරීන් 29 දෙනෙකු සඳහා පවත්වනු ලැබූ බලඇණි ආධාරක අවි පාඨමාලා නිලධාරී අංක - 87 (2024/II) හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වීය.