17th November 2024 17:37:00 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 නොවැම්බර් මස 16 දින 59 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 5 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 6 බලඇණිය ගැමුණු හේවා බලකාය, 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව, 12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව යන ඒකකන්හි නිල සංචාරයක නිරත විය.
මෙම නිල සංචාරයේදී එතුමන් එම ඒකකයන්හි මෙහෙයුම් සූදානම සොයා බැලීම, භටපිරිස්හි චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සහ ඒකක අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.
කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත එම ඒකකයන්හි භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, අනතුරුව, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කනිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් විසින් එතුමන් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ඉන් අනතුරුව, ඒකක අණදෙන නිලධාරීන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත එම ඒකකයන්හි වගකීම්, කාර්යභාරය සහ වත්මන් රාජකාරි ස්වභාවය පිළිබඳව දැනුවත් කරන ලදී.
සංචාරයන් අතරතුරදී, එතුමන් එම ඒකකයන්හි භටපිරිස් සමගින් සුහඳව අදහස් හුවමාරු කරගත් අතර, කඳවුරු පරිශ්‍රයන්ගෙන් නික්ම යාමට ප්‍රථම අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොත්හි සටහන්ද තැබීය.
නිල සංචාරයන් සඳහා 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, 59 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී, 591, 592 සහ 593 පාබල සේනාංකයන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.