16th November 2024 19:14:01 Hours
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී 2024 අගෝස්තු මස 01 දින සිට 2024 නොවැම්බර් මස 14 දින දක්වා නිලධාරීන් 29 දෙනෙකු සඳහා පවත්වනු ලැබූ බලඇණි ආධාරක අවි පාඨමාලා නිලධාරී අංක - 87 (2024/II) හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වීය.
2024 නොවැම්බර් මස 12 දින පැවති සහතිකපත් සහ නිල ලාංඡන ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරී කර්නල් ඩී. සූරියආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.
මෙම පාඨමාලාව සඳහා යුද, නාවික සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 29 දෙනෙකු සහභාගී වූහ. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතන් ඩබ්ලිව්.සී.ආර්. කුමාර තේරී පත්විය.
ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සහතිකපත් ප්‍රදානය කිරීමට පෙර සමාප්ති දේශනය සිදු කරන ලද අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.