19th November 2024 12:08:29 Hours
උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේදනායගන් මහතා සහ උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන් මහතාගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් 2024 නොවැම්බර් මස 18 දින උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේදී “Defining Success for Yourself and Your Team to Embracing Self - Belief and Confidence” තේමාව ඔස්සේ නායකත්වය හා අභිප්‍රේරණය පිළිබඳ දේශනයක් පැවැත්වීය.
අභියෝග හඳුනාගැනීම, ඉලක්ක නිර්මාණය කිරීම, දරාගැනීම, වටිනාකම් නිර්මාණය කිරීම, රාජකාරීන් සහ සාමාන්‍ය ජීවිතය සමතුලිතව කළමනාකරණය කිරීම සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදුකිරීමේ වැදගත්කම යන තේමාවන් පිළිබඳව මෙම දේශනයේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම දේශනය සඳහා ගරු ආණ්ඩුකාරතුමන්, ප්‍රධාන ලේකම්තුමන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් 100 දෙනෙක් සහභාගී වූහ.
දේශනය සමාප්තියේ, ගරු ආණ්ඩුකාරතුමන්ගේ සුරතින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කෙරිණි.