Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2024 19:22:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් වියලි ආහාර සලාක බෙදා දීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් වියලි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 13 දින දියතලාව, ගෝල්ෆ් ක්‍රීඩා සංචිතයේදී පවත්වනු ලැබීය.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී දර්ශනී යහම්පත් මහත්මිය සහභාගී වූහ.

වැඩසටහන අතරතුරදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ රාජකාරි කරනු ලබන සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් වෙනුවෙන් වියලි ආහාර සලාක පාර්සල් 30ක් බෙදාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.