2021-06-25 10:00:39
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව පල්ලේකැලේ ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති කෘත්‍රිම හොකී පිටියේ ඉදිකිරීම් කටයුතු සඳහා පසුගිය අඟහරුවාදා (22) දින ක්‍රීඩා අධ්යක්ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක විසින් මුල්ගල තැබුවේය.
2021-06-25 09:00:39
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් මත නිවාස අවශ්‍යතා සහිත සිවිල් පුරවැසියන් වෙත නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ සිවිල් - යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘතියක් වශයෙන් කිලිනොච්චියේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන දිළිඳු පවුල් සඳහා නව නිවාස පහක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවති. සිවිල් - යුද්ධ හමුදා සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණවනුයේ යුද්ධ හමුදාව සහ සිවිල් පුරවැසියන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය මෙන්ම සහසම්බන්ධතාවය වර්ධනය කිරීමයි.
2021-06-25 08:30:46
61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පරිත්‍යාගශීලින් පිරිසක් ඉකුත් බදාදා (23) දින කරාපිටිය ශික්ෂණ රෝහල වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදී.
2021-06-25 08:00:20
54 වන සේනාංක මුලස්ථානයේ බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව, 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2021 ජූනි මස 23 දින මධ්‍යම රාත්රියේදී මන්නාරම, සිලාවතුර සවරිපුරම් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි කහ කිලෝග්‍රෑම් 753 ක් සොයාගෙන තිබේ.
2021-06-25 07:00:40
පවතින කොවිඩ්-19 වෛරස් තත්ත්වය සැලකිල්ලට ගනිමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මාතර, රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂිකර්ම පීඨයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි.
2021-06-25 06:00:05
කෝපායි පිහිටි 51 වන සේනාංකයේ භටපිරිස් පොසොන් පුර පසලොස්වක පොහොය දින (24) නිමිතිකරගෙන යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් දියත් කළේය.
2021-06-24 10:50:32
ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චිය යටතේ සේවයෙන් නියුතු භටපිරිස් ඒ යටතේ ඇති සේනාංක හා බලසේනාවන්වල සහයෝගය ඇතිව කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ඔඩ්ඩුසුඩාන් සහ කරච්චි...
2021-06-24 10:30:06
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා 1 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සෞඛ්‍ය බලධාරීන්ගේ සහය ඇතිව මොරටුව ලූනාව රෝහලේ ගොඩනැගිල්ලක් අංග සම්පූර්ණ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කරන ලදී...
2021-06-24 10:22:06
අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,941 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 24 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,917 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ...
2021-06-24 10:20:06
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් සඳහානිවාස ඉදිකිරීමේ යුද්ධ හමුදා සහයෝග්‍යතා ව්‍යාපෘති යටතේ ආරක්ෂක සේනා මූලසථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකය යටතේ ඇති 241 වන බලසේනාවේ භටපිරිස් කල්මුනේ පෙරිය නීලාවනෙයි ප්‍රදේශයේ ජීවත්වන පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරිම සඳහා මුල්ගල තැබීය.