Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2021 08:30:46 Hours

යුද්ධ හමුදා සම්බන්ධීකරණයෙන් කරාපිටිය ශික්‍ෂණ රෝහලට වෛද්‍ය උපකරණ

61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පරිත්‍යාගශීලින් පිරිසක් ඉකුත් බදාදා (23) දින කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදී.

ජර්මනියේ පදිංචි නරේෂ් සමරවික්‍රම, මැල්කම් පෙරේරා සහ දර්ශන කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ‘අයුබෝවන්’ ශ්‍රී ලංකා සංවිධානයේ සාමාජිකයින් රෝහලේ භාවිතය සඳහා එන්ආර්බී මුඛ ආවරණ 200 ක් සහ ඔක්සිමීටර් 12 ක් පරිත්‍යාග කළහ. මීට අමතරව, දුමින්ද ගයානි මහහෙට්ටිගේ මහත්මිය ද ඔක්සිමීටර් 12 ක් පරිත්‍යාග කරන ලදී.

පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ කරාපිටිය ශික්ෂණ රෝහල, රුහුණු ජාතික අධ්‍යාපන මධ්‍යස්ථානයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය, ආරච්චිකන්ද රෝහල සහ හබරාදුව මීපේ රෝහල සඳහා බෙදා හැරීමට නියමිතය.

පරිත්‍යාග වැඩසටහන සඳහා 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ සහ 613 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.