25th June 2021 10:00:39 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව පල්ලේකැලේ ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති කෘත්‍රිම හොකී පිටියේ ඉදිකිරීම් කටයුතු සඳහා පසුගිය අඟහරුවාදා (22) දින ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක විසින් මුල්ගල තැබුවේය.
මෙම හොකි ක්‍රීඩාපිටිය සඳහා රුපියල් මිලියන 32 ක් වැයවන බව ඇස්තමේන්තු කර ඇති අතර, ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 17 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මාස 7 ක් තුළ අවසන් කිරීමට නියමිතව ඇත.
මුල්ගල තැබීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී කමිටුවේ ලේකම් මේජර් කේ.එම්.ජී. අමරනායක ඇතුලු නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.