25th June 2021 09:00:39 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් මත නිවාස අවශ්‍යතා සහිත සිවිල් පුරවැසියන් වෙත නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ සිවිල් - යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘතියක් වශයෙන් කිලිනොච්චියේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන දිළිඳු පවුල් සඳහා නව නිවාස පහක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවති. සිවිල් - යුද්ධ හමුදා සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණවනුයේ යුද්ධ හමුදාව සහ සිවිල් පුරවැසියන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය මෙන්ම සහසම්බන්ධතාවය වර්ධනය කිරීමයි.
මෙම නිවාස ව්‍යාපෘති 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් සහ 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික වෙළගෙදර, 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල සහ 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී. එමෙන්ම, ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකරන ලදී.
මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින නිවාස ව්‍යාපෘති සඳහා 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.