Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2021 10:30:06 Hours

යුද්ධ හමුදා භටපිරිස් ලූනාව රෝහලේ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා 1 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සෞඛ්‍ය බලධාරීන්ගේ සහය ඇතිව මොරටුව ලූනාව රෝහලේ ගොඩනැගිල්ලක් අංග සම්පූර්ණ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කරන ලදී. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉකුත් බදාදා (16) දින ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත 1 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් ඉතා කෙටි කාලයක් තුළ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකළහ.

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ කර්යභාරයේ පෙරමුණ ගෙන කටයුතු කරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත ලබාදුන් උපදෙස් මත දින කිහිපයක් තුල මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා පියවර ගත්තේය.

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 142 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රනාන්දු සහ 1 වන ඉංජිනේරු සේවා බලකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බී.ඒ.එස්.එස්. පෙරේරා සහභාගී වූහ.