Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2021 10:50:32 Hours

කිලිනොච්චි භටපිරිස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල ජීවනෝපාය මාර්ගයන් නංවාලීම සඳහා අවශ්‍ය පහසුකම් සපයයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චිය යටතේ සේවයෙන් නියුතු භටපිරිස් ඒ යටතේ ඇති සේනාංක හා බලසේනාවන්වල සහයෝගය ඇතිව කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ඔඩ්ඩුසුඩාන් සහ කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය මාර්ගයන් නංවාලීම සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් අමතර ආදායමක් ඉපයිය හැකි ‘පැළ’ බෙදාදීමේ වැඩසටහනක් දියත්කළහ.

මෙම සමාජසත්කාර වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ අධීක්‍ෂණය යටතේ 57 වන සේනාංකයේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්නේය.තවද, 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික වෙළගෙදර, 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල සහ 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ 571,572 සහ 573 වන බලසේනාවේ භටපිරිස් ද ඊට සහය දක්වන ලදී.

ඒ අනුව, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 15 ක් සඳහා තිබ්බටු පැල 30 ක් සහ තෝරාගන්නා ලද පවුල් 30 ක් සඳහා බෝංචි පැල 800 ක්බෙදා දුන් අතර,9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඔඩ්ඩුසුඩාන් සහ කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 25 ක් අතර තිබ්බටු පැල 750 ක් බෙදාදෙන ලදී. තවද, අඩු ආදායම්ලාභී පවුල් අතර කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, මීමැසි පාලනය වැනි ක්ෂේත්‍රවල ආදායම් උත්පාදනයන් දිරිගැන්වීම සඳහා දවැඩසටහන් පවත්වන ලදී.

තවද, 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 15 ක් සඳහා කොමඩු බීජ ග්‍රෑම් 50බැගින්ලබාදුන්නේය.

මේ අතර, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සාමාජිකයින් 77 දෙනෙකුගෙන් යුත් පවුල් 22 කගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන ධීවර කර්මාන්තය නගාසිටුවීම සඳහා ඩ්‍රයිආරුකුලම්වැවට මසුන් මුදාහරිමින් ධිවරයන් සඳහාඅවශ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය. තවද, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් සාමාජිකයින් 110 දෙනෙකුගෙන් යුත් පවුල් 30 ක ප්‍රදාන ජීවනෝපාය මාර්ගය වී තිබු ධීවර කර්මානතය නගා සිටුවීම සඳහා විශ්වමඩු ජලාශය වෙත මසුන් මුදාහරින ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන වෙත ලබාදී උපදෙස් අනුව අදාළ ප්‍රදේශවල අවශ්‍යතා සහිත පවුල් වෙත සහන සලසමින් ප්‍රජා මූල වැඩසටහන් දියත්කිරීම තුළින් ඔවුන්ගේ ජිවන තත්ත්වය ඉහල නැංවීමට අවශ්‍ය පියවර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන දියත් කෙරිණි.