2024-12-20 16:00:38
මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළට ගොඩබැසීමට උත්සාහ කරමින් සිටි මියන්මාර ජාතික සරණාගතයින් 102 දෙනෙකු රැගත් බෝට්ටුවක් 593 පාබල බලසේනාවේ, 6 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සහ නාවික හමුදාවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 19 දින බේරා ගන්නා ලදී.
2024-12-20 15:45:58
10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් එම ඒකක බලප්‍රදේශයේ පිහිටි නද්දන්කන්ඩාල් ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ පවුල් 60 ක වැසියන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 14 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-12-20 12:05:27
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් ඌව කුඩාඔය මහර වැවේ වැව් බැම්ම 20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 17 දින වැලි කොට්ට අතුරා ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
2024-12-20 12:02:16
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 2024 දෙසැම්බර් මස 18 දින 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-12-20 11:55:27
මුලතිව් ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් වෙනුවෙන් කෘතීම අත් පා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 18 දින 12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා ඒකක පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි. ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් සහ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ආබාධිතයන්ගේ පුහුණු මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
2024-12-19 16:25:48
1 විශේෂ බලකා රෙජිමේන්තුවේ 36 වන සංවත්සර දිනය එම රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.ඩී. මාසිංහ ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2024 දෙසැම්බර් මස 10 දින පවත්වන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහභාගී විය.
2024-12-19 16:19:34
143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.ටී.පී. විමලසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් සහ 16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 13 දින කල්පිටිය, අමෝතට්ටම් ප්‍රදේශයේ කඩොලාන පැළ රෝපණ කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-12-19 12:34:05
‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ තරඟාවලියෙහි’ අවසන් මහා තරඟය 2024 දෙසැම්බර් මස 15 දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. තරඟාවලියේ කාන්තා කාණ්ඩයේ කේවල ඉසව්වේ සහ යුගල ඉසව්වේ ශූරතාවයන් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙපැක්ටැක්රෝ කාන්තා කණ්ඩායම සමත්වූහ. 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙපැක්ටැක්රෝ කාන්තා කණ්ඩායම මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.
2024-12-19 12:03:01
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම 22 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 18 දින රාජකාරි භාරගනු ලැබීය.
2024-12-19 11:00:05
දෙසැම්බර් සිට මැයි මස දක්වා පැවැත්වෙන වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී ආරම්භ කෙරිණි. ඒ අනුව, මෙම වසරේ ශ්‍රී පාද වන්දනා සමයේ ආරම්භය සනිටුහන් කරමින් රත්නපුර, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ දී සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රී පාදස්ථානය දක්වා වැඩම කෙරිණි.