20th December 2024 12:02:16 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 2024 දෙසැම්බර් මස 18 දින 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක නිරත විය.
ඒකක පරිශ්‍රය වෙත සපැමිණි බලකාධිපතිතුමන්ව 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරි මේජර් ඊ.එම්.එච්.සී. ද සේරම් පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, එම ඒකකයේ අණදෙන නිලධාරි විසින් ඒකකයේ කාර්යභාරය සබැඳිව සවිස්තරාත්මකව බලකාධිපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය. පසුව සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ බලකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.