19th December 2024 11:00:05 Hours
දෙසැම්බර් සිට මැයි මස දක්වා පැවැත්වෙන වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී ආරම්භ කෙරිණි. ඒ අනුව, මෙම වසරේ ශ්‍රී පාද වන්දනා සමයේ ආරම්භය සනිටුහන් කරමින් රත්නපුර, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ දී සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රී පාදස්ථානය දක්වා වැඩම කෙරිණි.
ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පලාබද්දල පුරාණ විහාරස්ථානයේ සිට රජ මාවත ඔස්සේ ශ්‍රී පාද මළුව දක්වා 2024 දෙසැම්බර් මස 14 දින මෙම සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ චාරිත්‍රානුකූල පා ගමනකින් වැඩම කරවීය. අඩවිකන්ද ආරාමයේ සිට එරත්න හරහා සමාන්තර පෙරහැරක් ද මෙම අවස්ථාවට සමගාමීව පැවැත්වීය.
ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.ඩී. රොද්‍රිගෝ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ භටපිරිස් 220 දෙනෙකු මෙම පුණ්‍ය වැඩසටහන සඳහා දායකවූහ. ඒ සඳහා දහස් ගණනක් බැතිමතුන් මාර්ගය දිගේ පෙළ ගැසී ශ්‍රී පාදස්ථානයට පැමිණ වැඳුම් පිදුම් කළහ.