Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2024 11:55:27 Hours

59 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් කෘතීම අත් පා පරිත්‍යාග වැඩසටහනක්

මුලතිව් ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් වෙනුවෙන් කෘතීම අත් පා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 18 දින 12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා ඒකක පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි. ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් සහ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ආබාධිතයන්ගේ පුහුණු මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන අතරතුරදී, ආබාධිත පුද්ගලයින් 23 දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කර ඔවුන් වෙත කෘතිම අත් පා බෙදාදෙනු ලැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් රැසක් සහභාගී වූහ.