Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2024 12:03:01 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම 22 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 18 දින රාජකාරි භාරගනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ. පසුව, එතුමන් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට ද එතුමන් සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.