Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2024 16:19:34 Hours

16 බලඇණිය ගජබා රෙජිමේන්තුවෙන් රුක් රෝපණ වැඩසටහනක්

143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.ටී.පී. විමලසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් සහ 16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 13 දින කල්පිටිය, අමෝතට්ටම් ප්‍රදේශයේ කඩොලාන පැළ රෝපණ කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

යුද්ධ හමුදා භටපිරිස් ‘ලීනියා ඇක්වා’ පුද්ගලික සමාගම සමඟ එක්ව මෙම වැඩසටහන පවත්වන ලදී. එහිදී, කඩොලාන පැළ 10,000 ක් රෝපණය කරන ලද අතර, මෙම වැඩසටහන සඳහා එක් නිලධාරියෙකු සහ සෙසුනිලයන් තිස් දෙනෙකු සහභාගී වූහ.