2023-07-20 21:34:48
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 513 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එම ප්‍රදේශයේ දානපතියෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත යාපනය, වඩ්ඩුකාර්තිකන්‍යා ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව පන්ති කාමරය 2023 ජූලි මස 17 දින එම සිසු සිසුවියන් වෙත පවරාදුන්හ.
2023-07-20 21:15:32
යුද්ධ හමුදා භටපිරිස්හි මානසික සමතුලිතතාවය සහ ආධ්‍යාත්මික දියුණුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘අමා දොර විවර විය’ ධර්ම දේශනාමය වැඩසටහනට සමගාමීව 2023 ජූලි මස 18 දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ධර්ම දේශනාමය වැඩසටහනක් පැවැත්විණි.
2023-07-20 21:07:58
යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්ෂක හා පිරික්සුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එම්.සී.එස්.කේ. සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය බදාදා (19 දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2023-07-20 20:50:58
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව ජූලි මස 15 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක නිරත විය.
2023-07-19 19:12:51
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් වැලිකන්ද ප්‍රදේශයේ සහ ඒ අවට ප්‍රදේශවල ජීවත් වන අඩුආදායම් ලාභී පවුල්වල පුද්ගලයින්ගේ අක්ෂි රෝගාබාධයන් සැලකිල්ලට ගනිමින් ඇස් කණ්නාඩි බෙදාදීමේ ජංගම අක්ෂි සායනයක් පසුගිය අඟහරුවාදා (ජුලි මස 18) දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2023-07-19 19:04:41
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විශේෂ බලකායේ මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය අඟහරුවාදා (ජූලි මස 18) දින කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මුලස්ථානයේදී රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-07-19 18:53:47
චීන බෞද්ධ විහාරස්ථානයේ සහ චීන මහජන සමූහාණ්ඩුවේ බෞද්ධ බැතිමතුන්ගේ සහ චීන බැතිමතුන්ගේ අනුග්‍රාහකත්වය මත අක්කරෙයිපත්තුව ධර්මරතන සිංහල මහා විද්‍යාලය සහ අක්කරෙයිපත්තුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන දම්රුවන් පෙර පාසලේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී...
2023-07-19 18:39:56
පැරිස් නුවර පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය - 2023, දස්කම් දක්වා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩකයින් බදාදා (ජුලි මස 19) දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2023-07-19 18:32:24
යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපනය කරඇති ඉඩම් දේපළ හා භඨනිවාස අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එස්.පී.ජී. ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පසුගිය අඟහරුවාදා (ජුලි මස 18) දින රාජකාරි ආරම්භ කළේය.
2023-07-18 20:02:30
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් අද (ජූලි මස 18) දින...