Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2023 19:12:51 Hours

23 පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් වැලිකන්ද ප්‍රදේශයේ ජනතාවට ඇස් කණ්නාඩි ප්‍රධානයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් වැලිකන්ද ප්‍රදේශයේ සහ ඒ අවට ප්‍රදේශවල ජීවත් වන අඩුආදායම් ලාභී පවුල්වල පුද්ගලයින්ගේ අක්‍ෂි රෝගාබාධයන් සැලකිල්ලට ගනිමින් ඇස් කණ්නාඩි බෙදාදීමේ ජංගම අක්‍ෂි සායනයක් පසුගිය අඟහරුවාදා (ජුලි මස 18) දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ ආරාධනයෙන් එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීසීඑස් පීඑස්සී සහභාගී විය. එහිදී ‘Help Age Sri Lanka’ සංවිධානයේ ජංගම වෛද්‍ය සහ අක්‍ෂි සායන ඒකකය මගින් ජුලි මස 10 වැනි දින විශේෂ ජංගම අක්‍ෂි සායන කඳවුරක් පැවැත්වීමෙන් පසු පරීක්‍ෂාවට ලක්කරන ලද පුද්ගලයන් වෙත ඇස් කණ්ණාඩි 118ක් නොමිලේ බෙදාදෙනු ලැබූහ.

9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.අයි.එස් චන්ද්‍රකුමාර යූඑස්පී පීඑස්සී විසින් ලබාදුන් උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතුන්ගේ සහාය ඇතිව ඇස් කණ්ණාඩි අවශ්‍ය පුද්ගලයින් තෝරාගනු ලැබීය.

උත්සව අවස්ථාව සඳහා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ‘Help Age Sri Lanka’ සහ ‘Supreme Global Holdings institutes’ යන ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.