Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2023 21:07:58 Hours

නව තත්ත්ව ආරක්‍ෂක හා පිරික්සුම් අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්‍ෂක හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එම්.සී.එස්.කේ. සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය බදාදා (19 දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

බ්‍රිගේඩියර් එම්.සී.එස්.කේ. සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

මෙම අවස්ථාව සඳහා තත්ත්ව ආරක්‍ෂක හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් ද සහභාගී වූහ. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කටයුතු හෙබවූ බ්‍රිගේඩියර් යූ.එස්.එන්.කේ. පෙරේරා ආර්එස්පී යූඑස්පී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලැබීය.

මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් යූ.එස්.එන්.කේ. පෙරේරා ආර්එස්පී යූඑස්පී බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක ධූරය හෙබවූවේය.