Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2023 19:04:41 Hours

11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විශේෂ බලකායේ මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය අඟහරුවාදා (ජූලි මස 18) දින කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මුලස්ථානයේදී රාජකාරි කටයුතු භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ප්‍රධාන දොරටුව අභියසදි හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, 5 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය.

නව සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන් සතු දැක්ම පිළිබඳ පැහැදිලි කළේය. මෙම අවස්ථාව සඳහා 11 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.