Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2023 21:34:48 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් වඩ්ඩුකාර්තිකන්‍යා ප්‍රාථමික විද්‍යාලයට නව පන්ති කාමරයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 513 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එම ප්‍රදේශයේ දානපතියෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත යාපනය, වඩ්ඩුකාර්තිකන්‍යා ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව පන්ති කාමරය 2023 ජූලි මස 17 දින එම සිසු සිසුවියන් වෙත පවරාදුන්හ.

මෙම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වී. තබෝදරන් මහතා පාසල් බලධාරීන් සමඟ සාකච්ඡා කර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබාදුන්නේය. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය යුද්ධ හමුදා භටපිරිස් විසින් ලබාදෙන ලදී.

එම පාසලේ පන්ති කාමර තුළ පවතින තදබදය අවම කරමින් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතියේ අධීක්‍ෂණ කටයුතු 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් කේ.වී.එස්.එස්. විතානගේ විසින් සිදුකරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.පී.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 513 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ආර්. රාසික් ආර්එස්පී ගේ සම්බන්ධීකරණය මත මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට හැකියාව ලැබිණි.

මෙම අවස්ථාව සඳහා 513 පාබල බලසේනාවේ බලසේනාධිපති, 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරි මේජර් පී.එච්.එස්.ජේ. පතිරංග සහ එම ඒකකයේ භටපිරිස්, වඩ්ඩුකාර්තිකන්‍යා ප්‍රාථමික විද්‍යාලයේ ගුරු භවතුන් සහ සිසු සිසුවියන් ද සහභාගී වූහ.