Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2023 20:02:30 Hours

යුද්ධ හමුදා භටපිරිස් උඩුදුම්බර ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් අද (ජූලි මස 18) දින පෙරවරුවේ කඩිනමින් ක්‍රියාත්මක වී උඩුදුම්බර, තලගුණේ කඳුකර වනාන්තර ප්‍රදේශයක වේගයෙන් පැතිර ගිය ලැව්ගින්නක් මැඩපැවැත්වීමට සිය දායකත්වය දැක්වූහ.

මෙම ලැව්ගින්න පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් යුද්ධ හමුදා සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කඩිනමින් එම ප්‍රදේශය වෙත යොමුකිරීමට කටයුතු කරනු ලැබීය.

5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී තවදුරටත් ගින්න පැතිරීම වළක්වා පැය දෙකකට අඩු කාල සීමාවක් තුළ එම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.