2025-01-14 10:57:56
අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන සූදු සහ ක්‍රීඩාවන් සමාජය තුළ සුලභ වීම සහ එවැනි ක්‍රියාවන්වල ඉතා පහසුවෙන් නියැලීමට හැකිවීම නිසාත් මෑත කාලීනව මෙවැනි සූදු සහ ක්‍රීඩාවන් සමාජය තුළ ඉතා ජනප්‍රිය විය. එසේ වුවද මෙම ක්‍රීඩාවන් මේ වන විට සමාජයට ඉතා හානිකර තත්ත්වයක් ඇති කරමින් පවතින අතර, යුද්ධ හමුදා සාමාජිකයන් අතරද මෙම ක්‍රීඩාවන් බහුලව ව්‍යාප්ත වෙමින් පවතී. මෙහි කාලෝචිත වැදගත්කම අවබෝධ කරගත් ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ අන්තර්ජාල සූදු සහ ක්‍රීඩාවන්වල ප්‍රතිවිපාක පිළිබඳව දේශනයක් සංවිධානය කරන ලදී.
2025-01-14 10:55:56
59 පාබල සේනාංකය, ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව මුලතිව් දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී සිසු සිසුවියන්ගේ අධ්‍යාපනයට සහය වීම අරමුණු කරගනිමින් ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ සහ අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2025-01-13 14:38:30
අලුත්දිවුල්වැව වැවේ ජල කාන්දුවීම 2025 ජනවාරි මස 11 දින සාර්ථකව පාලනය කිරීමට හැකිවිය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආපදා සහන සේවා වැඩසටහන්වල කොටසක් ලෙස යුද්ධ හමුදා භටපිරිස් මෙම අවස්ථාවට දායක වූහ. අධික වර්ෂාපතනය හේතුවෙන් වැව් බැම්මේ ජල කාන්දුව උග්‍ර වීම හේතුවෙන් වැව් බැම්ම කැඩී යාමේ අවදානමක් ඇති විය. එමඟින් වැව අවට ජනතාවට අනතුරු තත්ත්වයක් උදාවිය. යුද්ධ හමුදා භටපිරිස් දින දෙකක නොනවතින උත්සාහයකින් හා කැපවීමකින් වැව්බැම්ම කැඩීයාම වලක්වාගැනීමට අවශ්‍ය පිළියම් යොදමින් ප්‍රදේශයට වියහැකි දැවැන්ත ව්‍යසනයන් වළක්වා ගත්හ.
2025-01-13 14:37:59
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නව ආඥාපති ලෙස 2025 ජනවාරි මස 11 දින එම මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායනුකූලව සහ ආගමික ආශිර්වාදය මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2025-01-13 14:36:07
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 09 දින උහන ප්‍රදේශයේ රුහුණුගම ජීවත්වන ගර්භනී මව්වරුන් 35 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2025-01-13 14:34:30
වන අලින්ගෙන් කුඹුරු වගාවලට සිදුවන හානිය අවම කරගැනිම සහ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, වනජීවී සහ සිවිල් සංවිධාන සමඟින් එක්ව 2025 ජනවාරි මස 02 දින සමීක්ෂණයක් පවත්වන ලදී.
2025-01-13 14:29:00
රජය විසින් ආරම්භකරන ලද, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ""පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ බෙන්තොට සිට ගොවියාපාන ප්‍රදේශය දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 12 දින ගාල්ලේදී පවත්වන ලදී.
2025-01-13 10:59:23
ධූරයෙන් නික්ම යන 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී 2025 ජනවාරි මස 09 දින සේනාංක මූලස්ථානයේදී නිල වශයෙන් තම ධූරයේ රාජකාරි භාර දෙන ලදී.
2025-01-12 18:17:39
ප්‍රජා සත්කාර වැඩසටහනක් ලෙස උඩුවිල්, වලිකාමම් දකුණේ නිවාස අවශ්‍යතා ඇති පවුලකට අලුතින් ඉදිකරන ලද නිවසක් 2025 ජනවාරි මස11 දින පවරා දෙන ලදී,
2025-01-12 18:15:25
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් බදාදා පුහුණු දින වැඩසටහනෙහි කොටසක් ලෙස 2024 ජනවාරි මස 8 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී ‘බෝවන රෝග වලින් වැළකීම සහ දැනුවත් වීම’ යන මැයෙන් දේශනයක් පවත්වන ලදී.