Header

Sri Lanka Army

Defender of the Nation

13th January 2025 14:37:59 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නව ආඥාපති ලෙස 2025 ජනවාරි මස 11 දින එම මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායනුකූලව සහ ආගමික ආශිර්වාදය මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. අනතුරුව, මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. පසුව එතුමන් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සියලු නිලයන්ගේ කැපවීම වෙනුවෙන් කෘතවේදීත්වය පළකල අතර, භ‍ටපිරිස්හි මූලික අවශ්‍යතා සපුරාලීමෙන් ඔවුන් සඳහා මනා පරිසරයක් නිර්මාණය කිරීම සහ රාජකාරියේදී විනය සහ වෘත්තීය කුසලතාවයන් හි වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි විය.