Header

Sri Lanka Army

Defender of the Nation

13th January 2025 10:59:23 Hours

ධූරයෙන් නික්ම යන 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී 2025 ජනවාරි මස 09 දින සේනාංක මූලස්ථානයේදී නිල වශයෙන් තම ධූරයේ රාජකාරි භාර දෙන ලදී.

ධූරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලද අතර, අනතුරුව, සිය ධූර කාලයේ රාජකාරීන් අවසන් කිරීම සනිටුහන් කරමින් නිල ලේඛනයට අත්සන් තැබීමෙන් පසුව, ධූරයේ රාජකාරීන් භාරදීම සිදු කරන ලදී.

අනතුරුව, සියලු නිලයන් ආමන්ත්‍රණය කරමින් තම ධූර කාලය පුරාවට භටපිරිස් දැක්වූ නොසැලෙන සහයෝගයට සිය කෘතඥතාව පළ කළ අතර, පසුව 52 පාබල සේනාංකයේ භටපිරිස් එතුමන්ගේ නායකත්වය අගයමින් සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

මෙම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අණදෙන නිලධාරින් සහ එම පාබල සේනාංකයේ සියලු නිලයන් සහභාගි වූහ.