12th January 2025 18:15:25 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් බදාදා පුහුණු දින වැඩසටහනෙහි කොටසක් ලෙස 2024 ජනවාරි මස 8 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී ‘බෝවන රෝග වලින් වැළකීම සහ දැනුවත් වීම’ යන මැයෙන් දේශනයක් පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත මෙම දේශනය පවත්වන ලදී.
2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කපිතන් කේ.ජී.ඩී.ආර් ද සිල්වා විසින් එහිදී එච්අයිවී/ඒඩ්ස්, ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු, නියුමෝනියාව සහ චිකුන්ගුන්යා යන බෝවන රෝග සම්ප්‍රේෂණය, වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම වැනි විවිධ මාතෘකා යටතේ මෙම දේශනය පැවැත්වීය.