2023-10-02 23:16:04
ඉංජිනේරු සේවා බලකායේ රාජකාරියෙහි නියුතු භටපිරිස්හි පවුල් වල අධ්‍යාපනය ලබන 2023 වර්ෂයේදී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට නියමිත 5 ශ්‍රේණියේ ළමුන් සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල බෙදාදීමේ වැඩසටහනක් එම බලකායේ භටපිරිස් විසින් පසුගියදා පවත්වනු ලැබීය.
2023-09-29 16:11:32
යුද්ධ හමුදා ක්රියාපටිපාටීන්ට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයෙහි අරමුණු ඵලදායී ලෙස සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග සහ රෙගුලාසි පිළිබඳව තීරණය කිරීම සඳහා එම විද්‍යා පීඨයෙහි ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ දෙවන කළමනාකරණ මණ්ඩල සාකච්ඡාව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 22) දින පවත්වනු ලැබීය
2023-09-29 16:08:46
මෑතකදී විසුරුවා හරින ලද ස්වේච්ඡා බලඇණිවල අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ සේවය ඇගයීම සඳහා උත්සවයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 26) දින යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා බහුකාර්ය ශාලාවේදී පවත්වනු ලැබීය.
2023-09-29 16:06:14
අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ලෙස ධූරයේ කටයුතු කළ නුදුරේදී විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් සෙනසුරාදා දින (අගෝස්තු මස 23) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.
2023-09-29 16:02:28
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාම දින සැමරුම් උත්සවය වෙනුවෙන් විශ්ව සාම සම්මේලනය මගින් පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 21) දින මුලතිව් නගර ශාලා ගොඩනැගිල්ලේ දී උත්සවයක් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිතයින් වශයෙන් ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය ගරු කේ.කේ මස්තාන් සහ ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී වූහ.
2023-09-29 15:58:41
ආඥාපති දකුණු නාවික පෙදෙස රියර් අද්මිරාල් ඩබ්ලිව්.ඩී.සී.යූ කුමාරසිංහ පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 26) දින බූස්ස, 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, එම මූලස්ථානයේදී හමුවිය.
2023-09-29 15:56:05
පසුගිය දා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු බුත්තල, යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පි එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-09-27 21:19:47
මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 26) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත සුහද සංචාරයක නිරත විය.
2023-09-27 21:13:52
එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා කාන්තාවන්ගේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින්, එක්සත් ජනපද නියෝජිත කණ්ඩායමක් පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 22) දින කුකුළේගඟ, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සංචාරයක නිරත වූහ.
2023-09-27 21:08:09
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එස්.ඒ.එන්.ජේ ආරියසේන පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 26) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.