Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2023 15:56:05 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු බුත්තල යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක වෙත හමුදා ගෞරවාචාර

පසුගිය දා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු බුත්තල, යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පි එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පි එන්ඩීසී පීඑස්සී වෙත බුත්තල යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් බී.පී.ජී.කේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ ප්‍රධාන ශ්‍රවණාගාරය ඉදිරිපිට සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය.

හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පි එන්ඩීසී පීඑස්සී, තම හමුදා දිවියේ මෙම වැදගත් සන්ධිස්ථානය සාක්ෂාත් කර ගැනීම සඳහා තමාට මග පෙන්වූ සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිය කෘතඥතාවය පුද කරමින් මෙවැනි උත්සවයක් සංවිධානය කරන ලද යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සියලුම කාර්යය මණ්ඩලය වෙතද ස්තුතිය පුද කළේය.

උත්සවය සමාප්තියේදී සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගී වූහ. උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.