27th September 2023 21:19:47 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත පැමිණි ලුතිනන් කර්නල් පුනීත් සුෂිල්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව සුහඳ කතාබහක නිරත විය. අනතුරුව, සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකර ගන්නා ලදී. එම සංචාරය සනිටුහන් කරමින් ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය අමුත්තන් සඳහා වූ පොතහි සමරු සටහනක්ද තැබීය.
සංචාරය අතරතුරදී ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් විසින් ඉන්දීය සාම සාධක හමුදාවේ දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.