Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2023 16:02:28 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාම දින සැමරුම් උත්සවයට එක්වෙයි

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාම දින සැමරුම් උත්සවය වෙනුවෙන් විශ්ව සාම සම්මේලනය මගින් පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 21) දින මුලතිව් නගර ශාලා ගොඩනැගිල්ලේ දී උත්සවයක් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිතයින් වශයෙන් ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය ගරු කේ.කේ මස්තාන් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී වූහ.

විශ්ව සාම සම්මේලනය නියෝජනය කරමින් සිංගප්පූරුවේ ඇල්වින් පැන්ග් මහතා (Mr Alvin Pang ) උත්සව අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී ප්‍රදේශයේ පාසල් ළමුන් 150 දෙනෙකු වෙත පාසල් පවහන් සහ එම අවස්ථාවට සහභාගි වූ සියලුම දෙනා වෙත කෙටි ආහාර සංග්‍රහයක්ද පිරිනමන ලදී.

උත්සවයට සහභාගී වීමට ප්‍රථම මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ඉදිකරමින් පවතින මුලතිව් නව බස් නැවතුම්පල අවට ප්‍රදේශයේ පැළ 100 රෝපණය කිරීමේ වැඩසටහනටද එක්වෙමින් එම වැඩසටහනේ සමාරම්භයද සනිටුහන් කළේය.

උත්සව අවස්ථාවට 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.