Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2023 16:06:14 Hours

විශ්‍රාම දිවියට එළඹෙන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ලෙස ධූරයේ කටයුතු කළ නුදුරේදී විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් සෙනසුරාදා දින (අගෝස්තු මස 23) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යූඑස්පී පීඑස්සී එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. එතුමන් අනතුරුව සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා සහභාගී වෙමින් ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගනු ලැබීය.

උත්සවයේ කටයුතු අවසන් කරමින් එදින සන්ධ්‍යාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යූඑස්පී පීඑස්සී වෙනුවෙන් හමුදා සම්ප්‍රදායික සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදී යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ අඥාපති සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නව බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී. විශ්‍රාම දිවියට එළඹෙන විට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන ලදී.