Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2023 21:08:09 Hours

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂතුමන් රාජකාරි අරඹයි

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් එස්.ඒ.එන්.ජේ ආරියසේන පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 26) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

නව අධ්‍යක්‍ෂතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය. මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකුද සහභාගී වූහ. බ්‍රිගේඩියර් එස්.ඒ.එන්.ජේ ආරියසේන මීට ප්‍රථම විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් කටයුතු කළේය.