2023-10-03 21:17:44
ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් 68 පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් වල්ලිපුනම් පුදුකුඩිඉරිප්පු අන්ධ බිහිරි ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන් 2023 ඔක්තෝම්බර් මස 01 දින විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී.
2023-10-03 21:11:44
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් බෝයගනේ, විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථනයේදී පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 01) දින පැවැත්වූ අතර, ඒ සඳහා එම ප්‍රදේශයේ ළමා නිවාසවල නේවාසිකව සිටින ළමුන් 100 දෙනෙකු සහභාගී වූහ.
2023-10-03 21:07:44
යුද්ධ හමුදාවේ විශිෂ්ටතම පාබල රෙජිමේන්තු වලින් එකක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සිය 67 වන සංවත්සරය යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූලව ඉකුත් ඉරිදා (ඔක්තෝබර් 1) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය.
2023-10-03 20:59:45
එළඹෙන 74 වන යුද්ධ හමුදා දින සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ බෝධි පූජා පිංකමක් ආරක්ෂක සේනා මුලස්ථාන - යාපනය පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 29) දින පැවැත්විණි.
2023-10-03 20:52:31
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකය යටතේ පාලනය වන 141 පාබල බලසේනාවට අයත් 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ඔක්තෝබර් 1 වෙනිදාට යෙදි තිබු ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් ඉකුත් ඉරිදා (ඔක්තෝම්බර් 1) දින යක්කල, පීටර් වීරසේකර ළමා නිවාස හා පෝෂණ මධ්‍යස්ථානයේ දී ළමුන් 33 දෙනෙකු සඳහා විශේෂ විනෝදාස්වාද වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2023-10-02 23:31:45
බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජයදාස ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් රචිත 'මිහිදන් නොවූ මිනිසා' (The unburied man) කෘතියෙහි මංගල පිටපත පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 28) දින මෝදර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් වෙත පිළිගන්වන ලදී.
2023-10-02 23:30:45
එළඹෙන 74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ නිල සංචාරයක් පසුගිය බදාදා (සැප්තැම්බර් මස 27) දින සිදුකරන ලදී.
2023-10-02 23:29:27
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයේ 243 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ලෝක ළමා දිනය වෙනුවෙන් මඩකලපුව ප්‍රදේශයේ ළමුන් සඳහා මඩකලපුව, ප්‍රදීපාගාර පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කරන ලදී.
2023-10-02 23:28:07
යාපනය ප්‍රදේශයේ දරුවන්ට නව අත්දැකීමක් ලබාදීමේ අරමුණින් සහ ලෝක ළමා දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 523 පාබල බලසේනාවේ භටපිරිස් විසින් යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ ‘ලක්දරු පෙර පාසලේ’ ළමුන් සඳහා විනෝද චාරිකාවක් පසුගිය සැප්තැම්බර් මස 29 සහ 30 යන දිනයන්හිදී සංවිධානය කරන ලදී.
2023-10-02 23:19:51
ලෝක වැඩිහිටි දිනයට සමගාමීව 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භටපිරිස් මූලිකත්වයෙන් විදුලිපුර, චන්ද්‍රා විජේරත්න වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 01) දින ලබාදෙන ලදී.