Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2023 23:31:45 Hours

බ්‍රිගේඩියර් රංජන් විජයදාස විසින් රචිත ‘මිහිදන් නොවූ මිනිසා’ කෘතිය එළිදක්වයි

බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජයදාස ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් රචිත 'මිහිදන් නොවූ මිනිසා' (The unburied man) කෘතියෙහි මංගල පිටපත පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 28) දින මෝදර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් වෙත පිළිගන්වන ලදී.

උත්සවය ආරම්භයේදී කීර්තිමත් කථිකාචාර්යවරියක වන අමා දිසානායක මහත්මිය විසින් ‘අභිප්‍රේරණය’ පිළිබඳ දේශනයක් පැවැත්වූ අතර, අනතුරුව ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ විජයදාස මහතා විසින් පැවැත්වූහ. පසුව බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජයදාස ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් ‘මිහිදන් නොවූ මිනිසා’ ග්‍රන්ථයේ මංගල පිටපත ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත පිළිගැන්වීය.

ආරක්‍ෂක ලේකම්තුමන් මෙහිදී කෙටි දේශනයක් සිදුකරමින් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජයදාස ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් රචිත කෘතිය පැසසුමට ලක් කරමින්, මානුෂීය මෙහෙයුමේදී ඔහු ලැබූ අත්දැකීම් පිළිබඳව තවත් මෙවැනි කෘතීන් රචනා කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. උත්සවය අවසානයේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජයදාස ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් ස්තූති කථාව සිදු කළේය.

ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සව අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල්, සේවයේ නියුතු සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ බිරිඳ වන ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජයදාස ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී බිරිඳ වන රුචි විජයදාස මහත්මියද සහභාගි වූහ.

ග්‍රන්ථයේ කතුවරයා වන බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජයදාස ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2005 වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිය හදාර ඇති අතර, එතුමන් කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ස්විට්සර්ලන්තයේ ජිනීවා විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර හා යුරෝපීය ආරක්‍ෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත. යුදබිමේ දැක්වූ නිර්භීතත්වය සහ කැපවීම හේතුවෙන් එතුමන් වීර වික්‍රම වීභූෂණ පදක්කම සහ රණශූර පදක්කමෙන්ද නොකැළැල් යුද්ධ හමුදා සේවය වෙනුවෙන් උත්තම සේවා පද්දක්කමෙන්ද පිදුම් ලබා ඇති අතර, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ‘The Unburied Tanker’ සහ ‘Be an Officer and a Gentleman’ යනුවෙන් කෘතීන් දෙකක් ද රචනා කර ඇත.