02nd October 2023 23:30:45 Hours
එළඹෙන 74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ නිල සංචාරයක් පසුගිය බදාදා (සැප්තැම්බර් මස 27) දින සිදුකරන ලදී.
එතුමන් එහිදී ස්ථිර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පුනරුත්ථාපනය වන රණවිරුවන්ගේ සුවදුක් විමසූ අතර, ඔවුන් වෙත ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කරමින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්තුමන්ද අත්තිඩිය, මිහිදු සෙත් මැදුර සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුව දුක් විමසා බැලීමේ නිල සංචාරයක් පසුගිය බදාදා (සැප්තැම්බර් මස 27) දින සිදුකරන ලදී.
යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ නියෝජනය කරමින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා රාගම සහ අත්තිඩිය සුවතා නිකේතනයන් වෙත සංචාරයේ නිරත වූහ.
එම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී, එම සුවතා නිකේතනයන්හි සේනාවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ද සහභාගී වූහ.