Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2023 23:29:27 Hours

243 පාබල බලසේනාවේ භටපිරිස් ළමා දිනය වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයේ 243 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ලෝක ළමා දිනය වෙනුවෙන් මඩකලපුව ප්‍රදේශයේ ළමුන් සඳහා මඩකලපුව, ප්‍රදීපාගාර පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කරන ලදී.

උත්සවය සඳහා ප්‍රදේශයේ සියලුම ආගම් නියෝජනය කරමින් ළමුන් 150 දෙනෙකු, ක්‍රීඩා සහ විවිධ විනෝදාස්වාද ඉසව් සඳහා සහභාගී වූහ. උත්සවය අතරතුරදී 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සංගීත වැඩසටහනක්ද පවත්වනු ලැබූ අතර, උත්සවය අවසානයේ සියලුම ළමුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් සහ ත්‍යාග ප්‍රධානයක්ද සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත සිදුකරනු ලැබූ මෙම උත්සවය සඳහා හේමකුමාර ගුණසේකර මහතා සහ තිළිණි විතානගේ මහත්මිය විසින් රුපියල් 150,000.00 ක මූල්‍යමය අනුග්‍රාහකත්වයක් ලබා දුන්හ.

243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.සී කුමාරසිංහ සහ 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් උත්සවයේ අධික්‍ෂණ කටයුතු සිදුකරන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහභාගී වූ අතර, උත්සව අවස්ථාව සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 243 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.