Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2023 20:52:31 Hours

141 පාබල බලසේනාව පීටර් වීරසේකර ළමා නිවාසයේ දරුවන් සඳහා විශේෂ විනෝදාස්වාද වැඩසටහනක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකය යටතේ පාලනය වන 141 පාබල බලසේනාවට අයත් 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ඔක්තෝබර් 1 වෙනිදාට යෙදි තිබු ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් ඉකුත් ඉරිදා (ඔක්තෝම්බර් 1) දින යක්කල, පීටර් වීරසේකර ළමා නිවාස හා පෝෂණ මධ්‍යස්ථානයේ දී ළමුන් 33 දෙනෙකු සඳහා විශේෂ විනෝදාස්වාද වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එම වැඩසටහනට තේ පැන් සංග්‍රහයක්, විශේෂ දිවා භෝජන සංග්‍රහයක්, සංගීත විනෝදාස්වාද වැඩසටහනක් සහ ළමුන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්වයක් ඇතුළු විවිධ විනෝදාත්මක අංගයන් ඇතුළත් විය.

141 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් එස්.ඩී රත්නසිරි සහ 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජී.ආර්.ආර්.කේ.එස් ජයරත්න ආර්එස්පී පීඑස්සී අයිජී මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වූහ.

යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සුහදතාවය සහ සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරනු ලැබු මෙම වැඩසටහන 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට කිණිගම ග්‍රාම නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.