Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2023 20:59:45 Hours

74 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය වෙතින් ආගමික වැඩසටහනක්

එළඹෙන 74 වන යුද්ධ හමුදා දින සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ බෝධි පූජා පිංකමක් ආරක්‍ෂක සේනා මුලස්ථාන - යාපනය පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 29) දින පැවැත්විණි.

ආගමික වතාවත් සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය නියෝජනය කරමින් එම මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කේ.ජේ.එන්.එම්.පී.කේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී වූ අතර, එම අවස්ථාවට මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගි වූහ.

ආරක්‍ෂක සේනා මුලස්ථාන - යාපනය භටපිරිස් විසින් අනතුරුව, නයිනතිව් දූපත්හි පිහිටි පූජනීය නාගදීප රජමහා විහාරස්ථානයේ වැඩසිටින භික්ෂූන් වහන්සේලා වෙත දානය පිළිගැන්වීම ද සිදුකරන ලදී.