2023-10-16 22:10:06
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි මූල්‍ය කළමණාකරණ අධ්යක්ෂ ජෙනරාල් ශාඛාවේ නව අධ්යක්ෂ ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 12) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාරගත්තේය.
2023-10-16 22:05:32
ගුණාත්මක කෙටි ආහාර සහ ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලගණන් යටතේ අලෙවි කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් පාලනය වන ‘වන්නි ෆුඩ් සිටි’ අලෙවිසැලෙහි ‘වන්නි බේකර්ස්’ නමින් නව අංශයක් ස්ථාපිත කරනු ලැබීය.
2023-10-16 22:00:50
රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සතු නායකත්ව ගුණාංග සහ බාලදක්ෂ කුසලතාවයන්හි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ නිලධාරීන් 3 දෙනෙකු සහ සෙසුනිලයින් 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 5) දින රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී වැඩමුළුවක් පැවැත්වීය.
2023-10-16 22:00:32
74 වන යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 10) දින වතුපිටිවල රජයේ රෝහල් පරිශ්‍රයේදී ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-10-16 21:56:50
උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ මේජර් ජෙනරල් ඩී.පී. වෙලගෙදර ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 4) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සරඹ භූමි පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-10-16 21:53:45
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ කර්නල් බී.කේ.එස්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 12) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2023-10-15 22:56:01
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් හා 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 15) දින ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සිසු සිසුවියන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසාදෙනු ලැබීය.
2023-10-15 22:49:58
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නව බලකාධිපති ලෙස මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 13) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී රාජකාරි භාරගත්තේය.
2023-10-15 22:44:08
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරීන්හි නිරතව සිටින 5 සංග්‍රාමික රථ ආරක්ෂක භට ඛණ්ඩයේ (CCC) භටපිරිස් 2023 ඔක්තෝබර් මස 10 දින ගාවෝ (Gao) Super Camp පරිශ්‍රයේදී 74 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2023-10-15 22:22:30
හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්...