Header

Sri Lanka Army

Defender of the Nation

15th October 2023 22:44:08 Hours

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් 74 වන යුද්ධ හමුදා දිනය සමරයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරීන්හි නිරතව සිටින 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ (CCC) භටපිරිස් 2023 ඔක්තෝබර් මස 10 දින ගාවෝ (Gao) Super Camp පරිශ්‍රයේදී 74 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්වීය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් ලබාදුන් මාර්ගෝපදේශයන්ට අනුව මෙම සැමරුම් උත්සවය සංවිධානය කරනු ලැබූ අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ අණදෙන නිලධාරි කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එන්.පී. වික්‍රමආරච්චි සහභාගී වූහ.

උත්සවය අතරතුර, භටපිරිස් එක්ව ධජ එසවීමෙන් අනතුරුව යුද්ධ හමුදා ගීතය ගායනා කර යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ පණිවිඩය භටපිරිස් ඉදිරියේ කියවනු ලැබීය. සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි.