Header

Sri Lanka Army

Defender of the Nation

15th October 2023 22:56:01 Hours

61 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසේ

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් හා 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 15) දින ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සිසු සිසුවියන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසාදෙනු ලැබීය.

ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි පාසල් හයක සිසු සිසුවියන් 22 දෙනෙකු වෙත එදින උදෑසන යුද්ධ හමුදාවේ යුනි බෆල් රථ, බෝට්ටු, කැබ් රථ සහ ට්‍රක් රථ යොදා ගනිමින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසාදෙනු ලැබිණි.

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ ඉල්ලීමකට අනුව ගාල්ල සිදුහත් පදනමේ කහගොල්ලේ සෝමරතන හිමිපාණන් විසින් ගංවතුරෙන් අවතැන්ව මාතර, හිත්තැටිය රජමහා විහාරස්ථානයේ තාවකාලිකව රැඳීසිටින පවුල් 72 ක සාමාජිකයින් 242 දෙනෙකු වෙනුවෙන් සනීපාරක්‍ෂක තුවා පාර්සල් 200 ක් සහ පානීය ජල බෝතල් 1000 ක් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 14) දින එම විහාරස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරුණු අතර 613 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලසේනාවේ අණදෙන නිලධාරීතුමන් ද මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.