Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2023 21:53:45 Hours

පනාගොඩ ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ කර්නල් බී.කේ.එස්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 12) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් කර්නල් බී.කේ.එස්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී ධූරයේ රාජකාරි කටයුතු භාරගත් අතර එම අවස්ථාව සඳහා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ. රාජකාරි භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කරමින් නව සේනාවිධායකතුමන් ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ අභිවෘද්ධිය උදෙසා එතුමන් සතු දැක්ම පිළිබඳ භටපිරිස් දැනුවත් කළේය.

මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නන්ගර ආර්එස්පී 522 පාබල බලසේනාවේ බලසේනාධිපති ධූරය සඳහා පත්කෙරිණි.