16th October 2023 22:10:06 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි මූල්‍ය කළමණාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් ශාඛාවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 12) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාරගත්තේය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත් අතර එම අවස්ථාව සඳහා මූල්‍ය කලමණාකරණ ශාඛාවේ මාණ්ඩලික නිලධාරින් ද සහභාගී වූහ.
මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යනු ලැබීය.