2023-12-14 19:12:16
කොස්ලන්ද, කලීපානවෙල ගම්මානයේ පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින ඇති වූ නාය යාමෙන් එම ප්‍රදේශයේ නිවාසවලට දැඩි ලෙස හානි සිදුවී සිවිල් වැසියන් 250 දෙනෙකුට වැඩි පිරිසක් අවතැන් විය. එහිදී ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් හි අධීක්ෂණය යටතේ ඔවුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ගැටළු විසඳීම සඳහා ජංගම වෛද්‍ය සායනයක් පසුගිය බදාදා (දෙසැම්බර් මස 12) දින පවත්වනු ලැබීය.
2023-12-14 19:10:27
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 563 පාබල බලසේනාවේ භටපිරිස් වවුනියාව, නැදුන්කේනි, මරතෝඩෙයි යන ප්‍රදේශයන්හි පදිංචි සිවිල් වැසියන් වෙත පොල් පැළ 500 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 05) දින ක්‍රියාත්මක කරන ලදී.
2023-12-14 19:03:52
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී, පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින 112 පාබල බලසේනා සහ 2 ශ්‍රී ලංකා රයිෆල් බලකා කඳවුරු පරිශ්‍රයන් වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.
2023-12-14 19:01:13
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල හමුදා ගෞරාවාචර දැක්වීමේ උත්සවයක් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව අතරතුරදී එතුමන් කාන්තා සෙබළියන්ද අමතනු ලැබීය.
2023-12-13 21:36:15
1949 ඔක්තෝබර් 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරම්භක දිනයේදී යුද්ධ හමුදාවට එක්වී ඉතිහාසයට එක්වු ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඒ.පී.ආර් ඩේවිඩ් වීඑස්වී පීඑස්සී (විශ්‍රාමික) පසුගිය බදාදා (දෙසැම්බර් මස 13) දින කැනඩාවේදී අභාවප්‍රාප්ත වූයේය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 93 වන වියේ පසුවිය.
2023-12-13 21:34:08
22 පාබල සේනාංකයේ හා 222 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි පරිත්‍යාගශීලී පිරිසකගේ අනුග්‍රාහකත්වය ඇතිව සේරුවාවිල රජමහා විහාරයේ ශ්‍රී සුමේදන්කර දහම් පාසලේ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් සදහා පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය හා පොත් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 10) දින සිදුකරනු ලැබීය.
2023-12-13 21:29:56
විශ්‍රාම දිවියට පා තබන වැඩබලන මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-12-13 21:26:13
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 11 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි සහාය ඇතිව යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පිහිටි ‘ලක්දරු’ පෙර පාසලේ පළමු වසර අවසාන විවිධ ප්‍රසංගය සදහා පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 10) දින පැවැත්වීය.
2023-12-13 21:24:01
මෑතකදී සාර්ථකව අවසන් වූ යුද්ධ හමුදා සරඹ සහ පියවර කෝදු තරඟාවලිය - 2023, වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරි 1 ඩබ්ලිව්.පී.ඩී.ආර් වීරසිංහ, ප්‍රධාන සරඹ උපදේශක බළලත් නිලධාරි 1 එච්.එම්.පී.ඒ හේරත් සහ සහායක සරඹ උපදේශක බළලත් නිලධාරි 11 එම්.ජී.ඊ.ආර් ලක්ප්‍රිය යන බළලත් නිලධාරීන් සිදුකරනු ලැබූ කාර්යභාරය යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් ඇඟයීමට ලක්කරන ලදී.
2023-12-13 21:10:04
3 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් එක්ව කොම්බාවිල්, ඉරනපලෛයි, පුදුමාතලන් සහ ආනන්දපුරම් යන ප්‍රදේශයන්හි පදිංචි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා වියළි ආහාර සලාක පාර්සල් 20 ක් බෙදාදීමේ වැඩසටහනක් එම ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී මහතුන්ගේ සහායද ඇතිව පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින සිදුකරන ලදී.