Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2023 21:36:15 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඒ.පී.ආර් ඩේවිඩ් වීඑස්වි පිඑස්සී (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වේ

1949 ඔක්‌තෝබර් 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරම්භක දිනයේදී යුද්ධ හමුදාවට එක්වී ඉතිහාසයට එක්වු ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඒ.පී.ආර් ඩේවිඩ් වීඑස්වී පීඑස්සී (විශ්‍රාමික) පසුගිය බදාදා (දෙසැම්බර් මස 13) දින කැනඩාවේදී අභාවප්‍රාප්ත වූයේය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 93 වන වියේ පසුවිය.

වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාවේ සේවයකර ඇති බ්‍රිගේඩියර් ඒ.පී.ආර් ඩේවිඩ් වීඑස්වී පීඑස්සී (විශ්‍රාමික) විශ්‍රාම දිවියට එළඹීමෙන් අනතුරුව කැනඩාවේ පදිංචියට ගොස් ඇත. අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබේ.