Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2023 21:29:56 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට පා තබන වැඩබලන මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

එතුමන්ගේ උපදෙස් මත ඉදිකරන ලද නවතමයෙන් ඉදිකරන ලද ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ නවාතැන් සංකීර්ණය, ක්‍රිකට් ප්‍රේක්‍ෂකාගාරය සහ පුහුණු වීම් සඳහා පිටතට යන භටපිරිස්හි නවාතැන් පහසුකම් සංකීර්ණයද උත්සව අවස්ථාව අතරතුරදී මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් විවෘත කරන ලදී.

උත්සව අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.