Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2023 19:10:27 Hours

563 පාබල බලසේනාවේ භටපිරිස් පොල් පැළ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 563 පාබල බලසේනාවේ භටපිරිස් වවුනියාව, නැදුන්කේනි, මරතෝඩෙයි යන ප්‍රදේශයන්හි පදිංචි සිවිල් වැසියන් වෙත පොල් පැළ 500 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 05) දින ක්‍රියාත්මක කරන ලදී.

යෝජිත ‘දෙවන පොල් ත්‍රිකෝණය’ උතුරු ප්‍රදේශයේ ආරම්භකර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 11 ගැමුණු හේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පොල් වගා කිරීමේ මණ්ඩලය වෙතින් අදාල පොල් පැල ලබාගෙන සිවිල් වැසියන් වෙත බෙදා දෙන ලදී. මෙම ව්‍යපෘතිය මුලතිව් ප්‍රදේශයේ දී ආරම්භ කළ අතර, එය වන්නි ප්‍රදේශය දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතය.