Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2023 21:10:04 Hours

3 (ස්වේච්ජා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් එක්ව වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙයි

3 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් එක්ව කොම්බාවිල්, ඉරනපලෛයි, පුදුමාතලන් සහ ආනන්දපුරම් යන ප්‍රදේශයන්හි පදිංචි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා වියළි ආහාර සලාක පාර්සල් 20 ක් බෙදාදීමේ වැඩසටහනක් එම ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී මහතුන්ගේ සහායද ඇතිව පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින සිදුකරන ලදී.