Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2023 19:03:52 Hours

11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ නිල සංචාරයක

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී, පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින 112 පාබල බලසේනා සහ 2 ශ්‍රී ලංකා රයිෆල් බලකා කඳවුරු පරිශ්‍රයන් වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

112 පාබල බලසේනාව වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් එම පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව එතුමන් භටපිරිස් අමතන ලදී.

අනතුරුව, 2 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ කඳවුර වෙතද නිල සංචාරයක නිරත වූ අතර එහිදී එතුමන් නවතමයෙන් ඉදිකරන ලද පෙර නිමි ගොඩනැගිල්ල, සෙසු නිල නාන කාමර පද්ධතිය සහ ජල පිරිපහදු යන්ත්‍රාගාරය විවෘත කිරීම ද සිදු කරන ලදී.

එතුමන්, එහිදී භටපිරිස් අමතමින් සිය ඉදිරි දැක්ම ඉදිරිපත් කළේය. එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කරන ලදී.